Wednesday 18 March 2009

රත්නපුර දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර හැදින්වීම. ගල්ටැම්යාය ඓතිහාසික පංචායතනය (පංචාවාසය)

බළන්ගොඩ නගරයේ සිට කල්තොට දක්වා දිවෙන මහා මාර්ගයේ 15වැනි සැතපුම් කණුවට (25 කි.මි.)නුදුරැව දකුණු දෙසට දිවෙන ගුරුපාර ඔස්සේ මීටර් 200ක් පමණ ගිය පසු තන්ජන්තැන්න ග්‍රාම සේවා වසමට අයත් නුතනයේ ගල්ටැම් යාය යනුවෙන් හදුන්වනු ලබන ඓතිහාසික පුරා විද්‍යා භූමිය හමුවෙයි. 1951 වරෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට පවරා ගනු ලැබු මෙම භූමිය එවකට අක්කර 5ක භූමි භාගයකි වුවද නුතනයේ අක්කර 2,1/2කට වඩා අයත් නොවන බව බුදුගල පුරාවිද්‍යා ස්ථානභාර නිලධාරීන් සදහන් කරයි.මෙහි ගල්ටැමි විශාල ප්‍රමාණයක් තිබීම නිසා ගල්ටැමී යාය වශයෙන් ජනවහරට එක් වීම නිසා වර්ථමානයේද එනමින් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිල වාර්තා වල සදහන් කොට තිබේ.මෙම පුරා විද්‍යා භූමියත් ඊට ආසන්නව ඇති අනෙකුත් පුරා විද්‍යා ස්ථාන වන ඓතිහාසික කූරගල පුරාවිද්‍යා භූමියත් තන්ජම වැව වශයෙන් ජනයා අතර ප්‍රචලිත ඉද්දගල වැවත් පුරාතන ජනාවාස රටාව හා බෞද්ධාගමික පසුබිම පිළිබද දෙස් යෙදේ.මෙම ස්ථානය පිළිබද තොරතුරු සොයා බලා හෙලි කළ අය අතර ප්‍රදේශයේ යතිවරුන්ද කිහිපදෙනෙකි.පුජ්‍ය විකිළියේ නාරද හිමි මෙසේ පවසයි.තන්ජන්තැන්නේ ගල්ටැම් යාය ලෙස භාවිතා කළතත් කුරුදියවල විහාරය කියන්නේ මෙතනටය.මෙතැන ගල්ටැම් බොහෝ ඇත.මෙහි ගරා වැටී ඇති චෙත්‍යය වර්ෂ පහකට පමණ පෙර හාරා නිධන්වස්තු පැහැර ගෙන ඇත.පුජ්‍ය බළන්ගොඩ සුධම්මවංශ හිමිගේ අදහස වුයේ කූරගල අසල තඤ්ජන්තැන්නේගල්ටැම් යාය යැයි හැදින්වෙන පුදේශයේ ඇති ගරා වැටුණු සෑයක් ගල් කණූ වාහල්කඩ ආදියත් කූරගල ගල්ටැම් යාය අතර තැනින් තැන දක්නට ලැබෙන ගල් පඩිත් ඒදෙතැන ඒකාබද්ධ බෞද්ධ ආරාමයන්ව තිබුණු බවට සළකුණුය.(බළන්ගොඩ මහ විද්‍යාලයේ විසි වැනි සංවත්සරික සංග්‍රහය.ශාස්ත්‍රපති පුජ්‍ය බලන්ගොඩ නන්ද හිමි දක්වා ඇත්තේ මෙවන් මතයකි.ගලින්කල ටැම් කුළුණුවලින් පිරි පෞරාණික ප්‍රදේශයක් හැදින්වේ.යාය යනු ප්‍රදේශවාචී වචනයකි.විමලධර්ම සුරිය රජතුමා ගල්ටැමි මත ඉදි කළ දේවාලයක් ඇති බවත් පසු කාලෙක එය විනාශ වී ටැම් තැන් තැන් වල විසිර පැවති බවත් ඒ නිසා ප්‍රදේශය මේ නම් වී යැයි පවසති.දැනට කටු පදුරු හා ලදු කැලෑවකින් වැසී ඇති මේ භුමි ය ගවේශණය කොට පුරා වස්තු හදුනා ගැනිමේ කාර්යය සිදු කිරීමට වුයේ ඉතා අසීරුවෙනි.දැනට සම්පුර්ණයෙන් ඇති එක ගල් ටැබක්වත් මෙම භූමියේ දැක ගත නොහැකි අතර අඩි 1හෝ2,3ක් උස් වු ගල් ටැම් ශේෂ හා පොළොව මත පතිතකර ඇති අඩි 2,4,6,8ප්‍රමාණයේ හා කුඩා ගල් ටැම්කුට්ටි විශාල ප්‍රමාණයක් මෙම භූමියේ ඇත.පෞරාණික ගා‍ඩොල් කැබලි සමුහයක් ද ප්‍රදේශය පුරා විසිර තිබෙනඅයුරු දැක ගැනීමට පුළුවන දැනට ඉතිරව ඇති සියලු ගල් ටැම් හා කැබලි සමුහයද කොරවක් ගල් පියගැට පෙළ මුරගල් කැබලි හා කැටයමින් තොර සදකඩ පහනක්ද ගොඩනැගිලි අවශේෂ අතර විය.මෙම ගොඩනැගිලි අවශේෂ ක්‍රමාණුකූලව හා පරිමාණුකූල වු සැලසුම් ගත කිරීමේ දී පෙනී යනුයේ පංචායතන ගොඩනැගිල්ලක අවශේෂයන් යැයි හැගේ.සමහර විටෙක හුදකලාව පිහිටවන ලද පටිමාඝරයක් වෙනුවට පිළිම ගෙවල කිහිපයකින් සමන්විත පඤ්චකුටි පඤ්ච,ගෘහ,පංචාවාස,පංචායතන යනුවෙන් හැදින්විය හැකි බෞද්ධ ගොඩනැගිල්ලක නටබුන් ඓතිහාසික ගල්ටැම්යාය පුරා විද්‍යා භුමියෙන් හදුනාගත හැකිය.
ගල්ටැම් යාය ඓතිහාසික පංචායතන නටබුන්



සල්ගල බවුන් වඩන හිමිවරු




කූරගල දිවාගුහාව


Wednesday 11 February 2009

විශේෂ ගංගා, දිය ඇලි ,විල්, ග්ලැසියර හා මුහුදු තීරයන් ගැන දැන ගනිමු

ගලා යන ඇමේසන් ගග
ලොව මහා දිය ඇලි
දිය ඇලි කඩා හැලෙන ආකාරය සෘතුවෙන් සෘතුවට වෙනස් වනවා .ජලය මගින් විදුලිය ලබා ගැනීමට
ගංගා හරහා වේලි බැදීම නිසාද දිය ඇලි වල ජලය අඩු වනවා.කොංගෝ ජනරජයේ පිහිටා ඇති
බොයෝමා දිය ඇල්ලෙන් තත්පරයකට ජල ලීටර් මිලියන 17ක් කඩා හැලෙනවා .තත්පර‍යකදී කඩා
හැලෙන මෙම දිය කද 140,000 කට වැඩි නාන බේසම් ප්‍රමාණයක් පිරවීමට ප්‍රමාණවත්ය.
මහා ගංගා
ගංගාවලින් එකවර මුහුදට එක්වන ජල පරිමාවද සෘතුවෙන් සෘතුවට වෙනස් වෙනවා ඇමේසන් ගගෙන්
තත්පරයකදී මුහුදට එක් වන ජල ප්‍රමාණය නාන බේසම් මිලියන දෙකක් පිරවීමට සෑහෙනවා.
දිය ඇල්ල රට සාමාන්‍ය ගලායාම (තත්පරයට ඝන මීටර්)
බොයෝවා (ස්ටැන්ලි) කොංගෝ 17.000
කොකට් ලාඕසය 11,330
නයගරා(හෝස්ෂු) කැනඩාව 5,830
ග්‍රැන්ඩි උරුගුවේ 4,500
පවුලෝ අ‍ෆෝන්සෝ බ්‍රසීලය 2,800
නයගරා පංච මහා විල්
ලොව පුරා පංච මහා විල් යනුවෙන් ප්‍රකට පිරිදිය විල් පද්ධතිය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකානු
මහද්වීපයේ ඇමෙරිකාවට හා කැනඩාවට මායිම් වයි.ඉන් විශාලත ම විල වන සුපිරියර් විලට ඒ නම
ලැබී ඇත්තේ විල් පහෙන් සුපිරිම් විල යන අර්ථයෙන් දෙවැන්න වු හියුරොන්ට ඒ නම ලැබුනේ ප්‍රංශ
ජාතිකයින් විසින් ග්‍රෝත්‍රිකයන් හැදින්වු හියුරේ යන නම ඇසුරිනුයි .මිචිගන් විලට නම වැටුනු හැටි
පිළීබදව සදහන් නොවෙයි.අනෙකුත් විල් දෙක ඊරි සහ ඔන්ටෙරියෝයි.ආදිවාසි ඉරොකියොයිස්
ගෝත්‍රික භාෂාවෙන් එම වදන් වල තේරුම පිළිවෙළින් බළලා සහ සුන්දර විල යන්නයි .
ගංගාව පිටතට ගලා යාම සාමාන්‍ය ගලායාම
බ්‍රසීලය
(දකුණු අත්ලන්තික් ) 219.000

ගංගේස් බංගලාදේශය
බෙන්ගාල බොක්ක 43.900

කොංගෝ ඇන්ගෝලා-කොංගෝ 41.800
(සයුරේ) දකුණු අත්ලන්තික්

චැන්ග්
(පියැන්ග්) චීනය /කහ මුහුද 31.900

ඔරිනෝකෝ වෙනිසියුලාව / 31.900
දකුණු අත්ලන්තික්
දිගම ග්ලැසියර
අවසාන අයිස් යුගය තුළ පෘථීවියෙන් 30% කටත් වැඩි ප්‍රමාණයක් ග්ලැසියර්වලින් වැසී තිබුණා
.නමුත් අද වන විට ග්ලැසියර් වලින් වැසී ඇත්තේ 10% ක් පමණ ප්‍රමාණයකි.ලැම්බර්ට් -භිෂර්
ග්ලැසියරය අද ලෝකයේ ඇති දිගම ග්ලැසියරය වන අතර එය සොගනු ලැබුයේ 1956 දීය.
ග්ලැසිරයේ නම පිහිටා ඇති ස්ථානය දිග (කිලෝමීටර්)
ලැම්බර්ට් -ශිෂර් ඇන්ටාර්ක්ටිකාව 515
නොවායා සෙට්ල්යා රුසියාව 418
ආර්ක්ටික් ඉන්ස්ටියුටි ඇන්ටාර්ක්ටිකාව 362

විශේෂිත විල්
ජල ධාරිතාව සහ පැතිරීම අතින් විශාලම විල
කැස්පියන් මුහුද රුපියාව ,කසකස්තානය ,තුර්ක්මෙනිස්තානය ,අසර්බයිජානය ,සහ ඉරානය යන
රටවල් වලට මායිම තිබෙනවා වර්ග කිලෝ මීටර් 3,74,000 ක් පුරා පැතිර ඇති එහි ජල ධාරිතාව
ඝන කිලෝ මීටර් 78,200කි.
ජල ධාරිතාව සහ ගැඹුරු බව අතින් විශාලතම විල
රුසියාවේ බයිකාල් විලෙහි ඝන කිලෝ මීටර් 22,995 ක ජලය ප්‍රමාණයක් අඩංගුය.එහි සාමාන්‍ය
ගැඹුර මීටර් 730ක් වන අතර ගැඹුරුම ස්ථානය මීටර් 1,741ක් වෙනවා
වේගයෙන් අතුරුදන් වන විල
කසකස්තානයට හා උස්බෙකිස්තානයට යට මායිමව පිහිටි ඒරල් මුහුද 1960 දී වර්ග කිලෝ මීටර්
64,501 ක විශාලත්වයකින් යුතු වුණා .ඒත් එය පෝෂණය කරන බෙහෝ ගංගා වාරිමාර්ග
කටයුතු වලදී වෙනත් පැති වලට හරවා යැවීම නිසා අද එය විශාලත්වය වර්ග කිලෝ මීටර්
28,000 යි.
විල පිහිටා ඇති ස්ථානය විශාලත්වය
සුපිරියර් කැනඩාව /ඇමෙරිකාව 82.414
හුරොන් කැනඩාව /ඇමෙරිකාව 59.596
මිචිගන් ඇමෙරිකාව 58.016
ඊරි කැනඩාව / ඇමෙරිකාව 25.719
ඔනිටේරියෝ කැනඩාව /ඇමෙරිකාව 19.477

ලොව දිගම මුහුදු තීරය
දුපත්ද සහිතව කැනඩා මුහුදු තීර‍ය සමකය මෙන් හය ගුණයකටත් වැඩි ප්‍රමාණයක් දිගවේ. ලොව
විශාලතම දුපත වන ග්‍රීන්ලන්තය මෙම ලැයිස්තුවට එකතු නොවන අතර එයට හේතුව වී ඇත්තේ
ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේම කොටසක් වීමයි. කෙසේ නමුත් ග්‍රීන්ලන්තයේ මුහුදු තීරය
කිලෝමීටර් 44,087 ක් දිය වේ.
ලොව මිරිදියෙන් සියයට හැත්තෑ පහක් පමණ ග්ලැසියරවල ඇති අතර මෙම ග්ලැසිරය දිය වුවහොත්
මුහුදු ජල මට්ටම මීටර් 70කින් පමණ ඉහළ යයි.‍

(wORLD OF FACTS කෘතිය )

Wednesday 28 January 2009

සබරගමුවේ ඓතිහාසික උරුමයන් හැදින්වීම

ඇටසැකිලි කැබැල්ලක සිට මාලිගයක් හෝ මනරම් පුජනීය ස්ථානයක් දක්වා එකිනෙකට වෙනස්වන
පුරා විද්‍යාත්මක මානව විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමින් යුත්ස්ථාන රාශියක් සබරගමුව සතු ව
ඇත.තව දුරටත් රටේ දක්නට නැති සිංහ ව්‍යාඝ්‍ර ආදී සතුන් මෙහි ජිවත් වු බවට පුරා විද්‍යාත්මක සාක්ෂි ද තිබේ .අවුරුදු තිස් දහසකට පෙරාතුව ජීවත් වු මානවයා ගැන තොරතුරැ ලැබෙන ගල්ලෙන් රාශියක්ම මෙහි ඇති අතර ඔවුන් ගේ නිර්මාන පිළිබද ව හොද උදාහරණද දක්නට හැකිය .මෙවන් වටිනා කමින් හා වැදගත් කමින් යුත් සබරගමුවේ ඓතිහාසික උරැමයන් ඔස්සේ විනිවිද දැකිය දේ බොහෝය.ලෝකයේ ප්‍රධාන ශිෂ්ථාචාර කීපය හැරුණු කොට අන් බොහෝ යුරෝපීය රටවල් "LONG LONG AGO" යි සදහන් කරන්නේ අවුරුදු දෙතුන් සීයක අතීතයක් ඇති ජනප්‍රවාද පිලිබදවයි. එනමුත් සබරගමුවේ අලට බුදුන් වහන්සේ වැඩි බවට ඈත අතීත කතා ඇත කුවේණි රැජිනියගේ දරැවන් හා සමිබන්ධ රාජ්‍ය.වර්ෂ පුර්ව . යුගයේ තොරතුරු ඇත දන්ත ධාතුව පැමීණිම පිළිබද ව අගනා සාක්ෂි හා පුරාවෘතද ඇත.සබරගමුවේ ඓතිහාසික ස්ථානවල වලින් මුල් තැන ආගමික සිද්ධස්ථාන වලට ලැබිය යුතුමය අදින් වසර දෙදහස් පන්සීය පනහකට ප්‍රථම බුදුන් වැඩි සමනොළ පව්වට අප අවධානය මුලින්ම යොමු වීම නොවැළැක්විය හැක්කකි එතැන් පටන් භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් හා ඒවා සම්බන්ධ වෙහෙර විහාර රත්නපුර කල්තොට ප්‍රදේශයේ සිට කෑගල්ලේ පහළ කඩුගන්නාව ප්‍රදේශය දක්වා ක්‍රමයෙන් වර්ධනය වු අන්දම වටහා ගත හැකිය.එම ස්ථාන අලවතුරේ ගනේගොඩ කුඩා ගල්ලෙන් විහාරයක පටන් කොට්ටිඹුල්වල හෝ යටිමල්කඩුව විහාර වැනි මහේශාක්‍ය ස්ථාන දක්වා උදාරත්වයෙන් පුළුල් වෙයි.බෞද්ධ වෙහෙර විහාර වලට අයත්ව අඩි තුන හතරේ තරමේ උසකින් ද අඩි දහයක පමණ වට ප්‍රමානයෙන් ද යුක්ත වු ඒවායේ සිට දැදිගම කොට වෙහෙර වැනි අඩි සිය ගණනක වට ප්‍රමාණය දක්වා වැටෙන දාගැබ් රාශියක් සබරගමුව පුරා පැතිර පවති.ඉහත කී කුඩා ම ස්ථුපයන් දක්නට ලැබෙනුයේ ලෙන් විහාර තුලය.ලෙනෙහි එක් පසකින් හිදි හෝ හිටි පිළිමයක් ද අනෙක් පසින් මෙකී කුඩා ස්ථුපයක්ද දක්නට තීබීම දකුණු ඉන්දියාවේ චෛත්‍ය ශාලා ක්‍රමයට හුරැ වුවක් යැයි සිතිම සාවද්‍යම නොවේ .නියමාකාර පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ට ලක්කර නොතීබීම නිසා මේ චෙත්‍යයන්හි කාල සීමාව පැහැදිලිවම කිව නොහැකි වුවත් සමහර ලෙන්වල ඇති බ්‍රාහ්මීය අක්ෂර රාජ්‍ය වර්ෂ මුල් යුගයන්ට වැටෙන නිසා ඒවාට ද ඊට කිට්ටු කාලසීමාවක් දීම සාධාරණය.ටැම්පිට විහාර බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට සතර කෝරළය පැබුණු දායාදයක් ලෙස සැලකිය හැකිය ගලින් තැනුණු වේදිකාවක් මත ගල් ටැම් හෝ ගල් කුට්ටි සමාන්තර ව පිහිටුවා ඒ මත දැවයෙන් තනන විසල් රාමුවක් මත මේ දර්ශනීය බුදු මැදුරු තැනිණී . මේ සියල්ල අවුරුදු දෙදහස් තුන් සීයක් තිස්සේ ඉදිවු ඒවා වන අතර ඒවා සබරගමු පළාත පුරාම දක්නට තීබීම නිසා සබරගමුවේ ඉපැරණි ජනාවාස රටාව ආගමික ව්‍යාප්තිය කලාශිල්ප දියුණූව ඇතුළු කරුණු ගණනාවක් අපට කියා පායි.සබරගමු දේවාලයන්ට හිමිවන්නේ ද අද්වීතීය ස්ථානයකි.
අළුත් නුවර දැඩිමුන්ඩ දේවාලය

Sunday 25 January 2009

සබරගමුවට නම දුන් මැණික්


දුර අතීතයේ පටන් ලංකාව මැණික් පිළිබදව ප්‍රසිද්ධියක් උසුලයි.මහාවංශයේ සදහන් පරිදි රාජ්‍ය වර්ෂ පුර්ව දී බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ චුලෝදර මහෝදර නම් වු නාග ග්‍රෝත්‍රික සොහොයුරන් දෙදෙනෙකු අතර මැණික් එබ්බ වු සිංහාසනයක් අරභයා හටගත් ආරවුලක් විසදීමටයි .පසු කාලයේදී මෙරට සංචාරය කළ ප්‍රසද්ධ පුද්ගලයින්ගේ චාරිකා වාර්තා වල ලංකාවේදී ඔවුන් දුටු අගනා රතු නිල් පසිංගල් සහ මුතු කැය ගැන සදහන් වේ අරාබි නිසොල්ලාසයේ "සින්බෑඩ්" නැමැති නාවිකයාගේ චාරිකා වෘතාන්ත වල මැණික් බහුලව ලැබෙන ප්‍රදේශයක් වශයෙන් දැක්වෙන"සෙරන්ඩිබ්"දිවයින ලංකාව බව විද්වත් මතයයි.මේ සියලු ම මැණික් රත්නපුරය කේන්ද්‍ර කොට සබරගමු පළාතෙන් පිට මැණික් ගැරිම් කෙරුණේ ඉතා සුළුවෙනි.රත්නපුර කෙන්ද්‍ර කොට ගත් සබරගමු පළාත මැණික් පිළිබද ව මේ තරම් ප්‍රසිද්ධ වීමට හේතුව සොයා බැලීම වටී.ලංකාවේ භුමියෙන් 90%ක් පමණ ප්‍රාග් කේම්බ්‍රියන යුගයට අයත් පාෂාණ වලින් යුක්ත වන අතර එය ප්‍රධාන කොටස් තුනකට වෙන් කර හදුනා ගැනේ .ඒවා නම් වන්නි සන්කිර්ණය ,හයිලන්ඩ් /නිරිතදිග සංකීර්ණය සය විජයන් සංකීර්ණයයි.හයිලන්ඩ් නිරිත දිග සංකිර්ණමේවායින් ප්‍රධාන තැන ගන්නා අගර එයට මධ්‍යම කදුකරය අයත් වේ .මෙම සංකිර්ණයේ පාෂාණ බිහි වී ඇත්තේ කලින් එහි නිම්නයක තිබු අවසාදිත පාෂාණ අධික පීඩනයටත් උෂ්ණත්වයටත් භාජනයවීම නිසා විපරිත පාෂාණ බවට පත්වීමෙනි.එකී අධික පීඩනය නිසාම නිම්නය කදුවැටි බවට පත් වී ඇති අතර අධික පීඩනයත් උෂ්ණත්‍වයත් නිසා මැණික් ඛනිජ බිහි වී ඇත.එම නිසාය මුලික මැණික් නිධි මෙම සංකීර්යේ වඩාත් ම ප්‍රචලිත ව ඇත්තේ .ලංකාවේ ගංගා වලින් වැඩි ගණනක් මධ්‍යම කදුකරයේන් ආරම්භවන අතර කදුකරයට පතිත වන අධික වර්ෂාව මෙම ගංගා මගින් පහත බිම්වලට ගලා යාම නිසා ගංගා නිම්න ඇති විය.මුලින් කී ප්‍රාග්කේම්බ්‍රියන පාෂණ ස්වාභාවික ගංගා නිම්න 103කින් යට වීඇත. මෙම ගංගා වලින් වැඩි ප්‍රමාණයක් බටහිර දකුණු සහ ගිණිකොණ දිසා වලට ගලා බසින බැවින් විඛාදනය වු පාෂාණවලින් ගිලිහුණු මැණික් මෙම නිම්නවල තැන්පත් වී ඇත . එම නිසාත් කළු කැළණි වළවේයන ගංගා ආශ්‍රිත නිම්න වල වැඩියෙන් මැනික් ඇත.මහවැලි ගග ආශ්‍රිත නිම්න වලද මැණික් නැතුවා නොවේ.එනම් මාතලේ ඇලහැර සහ බකමුණ ආදී ප්‍රදේශ මෙසේ මහවැලි ගගෙන් පෝෂිත නිම්නයන්ය.සබරගමුව පුදේශයෙන් හමු වු බවට විශ්වාශ කරන ලෝක ප්‍රසිද්ධ මැණීක් කිහිපයක් හා ඒවා තබා
ඇති තැන් පහත දැකිවේ.
01)Star of India(Blue)-563cts-American Museum of
Natural History
02)Midinight Star(Purple)-116Cts-do-
03)Pathmaraga-100Cts.-do-
04)Logan Sapphire (Blue)-423Cts.-Smithsonian
Institute,Washington D.C.
05)Star of Artaban (blue)-316 Cts.-do-
06)Golen yellow sapphire-179.4 cts.-Royal on-tario
Museum,canada
07)Creenish yellow Sapphire-43.95cts.-do-

Wednesday 14 January 2009

සබරගමුවේ නිජබිම කොටගත් වෙසක් මල


රත්නපුර දිස්ත්‍රික්කයේ තෙත් වැසි වනාන්තරවල තුරු මුදුන් සිසාරා අපි ශාකයක් ලෙස දක්නට ලැබෙන සුවිශේෂී මනස්කාන්ත පුෂ්පයක් වේ.'වෙසක් මල' නමින් අප දන්නා මෙහි විද්‍යාත්මක නාමය (DendroBium maccatieas)වේ.උඩවැඩියා විශේෂයක් වු එය රාජ්‍ය වර්ෂ 1864 දී ‍මෙරට සිටි ප්‍රාදේශිය‍ ලේකම්වරයෙකු වු මැකාති මහතාගේ බිරිදගේ නමින් හදුන්වන ලද බව කියැවේ.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිංහරාජය,සිරිපා අඩවිය ආදී තෙත් වැසි වනාන්තර සුලබ ව දක්නට ලැබුණු මෙම ශාඛය ,එම දිස්ත්‍රික්කය පුරා ගෙවතු වලද වතුවලද ගස් කොළන් ආශ්‍රයේ ද මනාව වැඩුණු බව ප්‍රචලිතය.
01)උද්භිද විද්‍යාත්මක පසුබිම‍
මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ඩෙන්ඩ්‍රෝබියුම් මැකාති නම් වේ.(Dendrobium maccatieas)මෙය ඒක බීජ පත්‍ර ශාකයක් වන අතර මුදුන් මුලක් නැත.ඕකිඩාසේ කුලයට අයත් මෙය අපිශාකයක් ලෙස වැවේ. මුල් දෙවර්ගයක් ඇත.
01)ධාරකයට සවි කර ගෙන සිටින ආලග්න මුල්
02)කදෙහි හටගන්නා වාතයේ එල්ලෙන වායුව මුල්
ආලග්න මුල් බොහෝ විට බිස්සක් ලෙස වැඩෙන නිසා හ්වා අතර දුවිලි දිරා යන පත්‍ර ආදිය එකතු වී කෘතිම පසක් පිළීයෙල වේ. වර්ෂාව ඇති විට ලැබෙන ජලය මෙම කෘතිම පසට උරා ගැනීම සිදුවේ.වායුව මුල් සුදට හුරු කොළ පැහැයක් පෙන්වයි.මේවායේ පිටතින්ම පිහිටා ඇති තත්වය නම් පටකය මගින් වාතයේ ඇති ජල වාෂ්ප සහ වර්ෂාවෙන් ලැබෙන ජලය උරා ගනු ලැබීමය.ජලය උරා ගත් පසු ඒවා තද කොළ පැහැයක් ගනී.ජලය නොලැබෙන කාලවලදී මෙම අපිශාකය තරමක් දුරට ශුෂ්කරෑපී ලක්ෂණ පෙන්වයි.පත්‍ර මාංශලය 4cm-8cm පමණ දික්වේ.ඝනය තද උච්චර්මයක් ඇතිවා පමණක් නොව පුටිකා පිහිටන්නේ ද ස්වල්ප වශයෙනි‍.ඒවා ගිලුන පුටිකා වේ.පුෂ්ප ලා දම් පැහැයක් ගනී.පුෂ්ප මංජරියක් දක්නට ලැබෙන අතර ඒවායේ10-50ක් අතර සංඛ්‍යාවක් හටගනී.මැයි සිට ජුලි කාලය තුල හට ගන්නා පුෂ්ප මසක් පමණ කාලයක් පර නොවී පවතී.පුෂ්ප දල 6කින් යුතුය.වලය2කි පිටවලයේ දල සමාන වේ .එක් පුෂ්ප පත්‍රයක් අධරිකාව බවට විකරණය වී ඇත.පුෂ්ප වල පරාගනය කෘමින් මගින් සිදු වේ.
02)දේශගුනය
මේ ශාකය සදහා උෂ්නත්වය සුර්යාලෝකය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය වැදගත් වේ.සෙ.25'-30'දිවා උෂ්ණත්වයද සෙ.15'රාත්‍රී උෂ්ණත්වය ද සුදුසුය . 70%-75% දක්වා වායුගෝලීය ආර්ද්‍රතාවයද 55%-60%අතර සුර්යාලෝකයද තිබිය යුතුය.වාර්ෂික වර්ෂාපතනය සෙ.මි.300-400 අතර තිබිය යුතුය.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වැසි වනාන්තර වල මේ දේශගුණික තත්වය ඇත.
03)වද වී යාමට හේතු
දශක තුනකට පමණ ඉහත රත්නපුර දිස්ත්‍රික්කයේ තිබු සියලු වනාන්තරවල මෙන්ම ගෙවතුවලද දක්නට ලැබුන මෙම උඩවැඩියා ශාකය අද ප්‍රදේශ කීපයක පමණක් දක්නට ඇත.සීඝ්‍ර ජනගහන වර්ධනය නිසා කැලෑ එළි කිරීම මෙන්ම නොයෙකුත් සංවර්ධන ක්‍රියාවලියන් නිසාද මෙම පැලෑටිය වදවී යාමේ තර්ජනයට බලපා ඇත.මෙහි වටිනා කම පිළිබද ජනතාව දැනුවත් නොවීමද තවත් කරුණකි.තත්වය මෙසේ පැවතිය හොත් නුදුරු අනාගතයේදී මෙම ශාකය මෙරටින් තුරන් වීම නොවැළැක්විය හැක.අන්තර් ජාතික ස්වාභාවික සම්පත්සංරක්ෂණ සංවිධානය(IUCN)මගින් ප්‍රකාශයට පත් කර ඇති මිහිතලයේ වදවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ජීවීන්ගේ තොරතුරු ඇතුළත් රතු දත්ත පොත(Red Data Book)මගින් මේ බව පෙන්වා දී ඇත.එහෙයින් මෙම වටිනා දුර්ලභ ශාකය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ නොයෙකුත් පරිසර සන්විධාන උනන්දුවන් දැක්වියයුතු කාළය එළඔ ඇත.දැන දැන අහිමි වන බොහෝ දේ අපට ඇත. නොදැනීම අහිමි වන දේ ද අපට ඇත.අහිමි වන බව නොදැන ම අහිමි වන දේ ද අපට ඇත.ශ්‍රී ලංකාවේ කැලෑමල් සම්පතද අප නොදැනම අපට අහිමි වන එවැනි සම්පතකි.කැලෑමල් අතර රැජිනක් වැනි අපට ම ආවේනික වු 'වෙසක් මල්' නැමැති උඩවැඩියා විශේෂ රැක නොගතහොත් නුදුරු අනාගතයේ දී එය සබරගමුවෙන් මෙන්ම මෙරටින් ද සමුගන්නා බව ස්ථීරය. එවිට සබරගමුවට සුවිශේෂි උරුමයක් ද අහිමි වනු නියතය.

Monday 12 January 2009

සිංහරාජයේ ඉතිහාසය

සිංහරාජයේ හරය සොයා බැලීමට පෙර අපේ සම්ප්‍රදාය විසින් අපට උගන්වා ඇති පරිදි මුලින්ම සිංහරාජයේ ඉතිහාසය සොයා බැලිය යුතුය.ඉතිහාසය වහකදුරු සේ සළකා ඉවත දැමීමට තරම් සිති පිත් නැත්තන්ට පවා කෙතරම් අමිහිරි උවද ලජ්ජා සහගත උවද ඉතිහාසයක් ඇති බව වටහා ගැනීමට එයත් රැකුලක් වේ නම් එයම සිංයරාජ ඉතිහාසය දැක්වීමට ගන්නා උත්සහය මල් පල ගැන්වීමක් වනු නියතය. සිංහරාජයේ ඉතිහාසය පටන් ගන්නේ කවදාද කෙසෙ‍්ද යනු කිසිවෙකුටත්කිව නොහැකි තරම්ය.එහෙත් සියලු විද්වතුන්ගේ ඒකමතික තිරණයක් වන්නේ ලොව බිහිවුයේ කවදා සිටද එදා සි‍ට මිහිපිට පවතින බවයි.එනම් වර්ෂ මිලියන ගනන් ඉපැරණි ඉතිහාසයක් ඊට‍ ඇත.අබට සිංහරාජය මහත් අභිමානයක් වී ඇත්තේ ද අන් බොහෝ දෙනාට නැති දීර්ඝ ඉතිහාසයක උරුමක්කාරයන් වශයෙන් ඉතිහාසයේ අගය දන්නා නිසාය. මේ දීර්ඝ ඉතිහාසය තුල සත්තව හා ශාක පරිනාමයෙහි ආරම්භක අවධීවල ඉතිහාස කථාව සැගවී ඇතැයි සනාථ කීරිමට සිංහරාජය පිළිබද පර්යේෂණ කිරීන විද්‍යාඥයින් විසින් සාදක සොයා ගනිමින් ඇත. එසේ සොයා ගනු ලබන දීර්ඝ කාළීන ඉතිහාස කථාව අනාවරනය කිරීමට පටන් ගත් කාළයේ සිට කතාන්තරය විමසා බලන අපට සිංහරාජය ගැන නුතනයේ ඇති වී ඇති උනන්දුව හා සැලකිල්ල ඊට යොමු වුයේ කවදා සිට කෙසේද යනු අවබෝධ කොට ගත හැකි වනු ඇත.

මෙරට ඉතිහාසයේ ආදිම යුගයේ සිට ලිඛිත සාධක අධ්‍යයන කල්හි සිංහරාජ ගැන කියවෙන තැන් නොමැති තරම් ය.එහෙත් ජනතාව එවැන්නක් පිළිබද නොදැන සිටි බවක් ඉන් අදහස් නොකෙරේ .සිංහරාජය යන නම ඊට උරුම වීම පිළිබද ඇති ජන ප්‍රවාද වුවද ඒ පිළිබද ජනතාව සතු ව තිබු අවබෝධය පිළිබිඹු කරනු ඇත.1873 තරම් ඈත කාලයක සිංහරාජ වනාන්තරයේ වැවිලි කර්මාන්තයට ඇති ඉඩකඩ සොයා බැලීමට ගිය "ජෙම්ස්ගන්" නැමැති ඉංග්‍රීසි ජාතිකයා ජනතාවගෙන් අසා දැනගත් ප්‍රවාදයක් ලෙස දක්වා ඇත්තේ එක්තරා රජ කුමරියක මෙම වනාන්තරයේ ජීවත් වු සිංහරාජයෙකු හා පෙම් බැදීමෙන් ජාතියේ ආරම්භයත් මෙහි දී සිදු වු බවකි. මෙය හුදෙක් විජය පරපුරේ ආරම්භය පිළීබද කතා පුවත යලි පණ ගැන්වීමක් පමණි.එහෙත් එහි වැදගත් කම වන්නේ අදාල ප්‍රවෘත්තියට සම්බන්ධ සිංහ රාජයෙකුගේ රාජධානියක් වීමට තරම් මහානුභාව සම්පන්න තැනක් ලෙස සිංහරාජය ඔවුන් දැන සිටි බවයි.දෙවැනි ප්‍රවාදය ජේ.ඒ. විලී පෙරේරා නැමැත්තෙකු විසින් 1943 පමණ දී ජනතාවගෙන් අසා දැන ගෙන "ලොරිස්" නම් සගරාවට ලියන ලද ලිපියකින් ප්‍රචලිත වුවකි. එම ප්‍රවාදය අනුව මෙම වනාන්තරයේ මහා තෙදබල ඇති සිංහරාජයෙකු විසීය.ඌගේ ගුහාව පැවතියේ අදත් සිංහගල නමින් හදුන්වන පර්වතය මුදුනේය.මිනිසුන්ට කෙතරම් බිය ගෙන දෙන සුළු වුවාදයත් ඌගේ තෙද බල පරාක්‍රමය ගැන දත් මිනිස්සු වනාන්තරය ඇතුලට නොගියහ.එහෙත් යම් කිසි අවස්ථාවක මිනිසුන්ගේ රැකවරණයට පැමිණි යෝධයෙකු විසින් ගල් ගසා සිංහයා මරා දමන ලදී.එදා යෝධයා විසින් සිංහයා මැරීමට ගල් ගැසු ස්ථානය අදත් "යෝධ ගල්ගොඩ"නමින් හැදින්වේ.මෙම කථා පුවත් දෙකටම සිංහයෙකු මුල් වී ඇත. පසු කාලීනව ආචාර්යය පී.ඊ.පී. දැරණීයගල ශූරීන් විසින් කරන ලද ප්‍රාග්ඓතිහාසික ගවේෂණවලින් ආදි කාලයෙහි මෙය සිංහයන්ගේ වාස භුමියක් වී තිබුණ බවට මත පල කොට තිබීමෙන් නමේ ප්‍රභවය ගැන මෙන්ම මහා හිමය පිළිබද ජනතාව තුළ තිබු දැනුම ගැන ද අපට සිතා ගත හැකි වනු ඇත.සිංහරාජය පිළිබද ඉතිහාසය විමසීමේ දී අපට හමුවන ප්‍රථම සටහන ඇත්තේ දහහතරවැනි සියවසට අයත් ඉබන් බතූතාගේ ගමන් විස්තරයේය.
01) සිංහරාජයේ වන සිවුපාවන් හා ස්වභාවික සුන්දරත්වය --->
ඊට අයිදැයි අප විසින් සැක දුරු කර ගත යුතුය. හෙළයේ අතීත පාළකයන්ගේ සිට පොදු ජනතාව දක්වා සියලු දෙනා ස්වභාවධර්මයාගේ දායාදයන් කෙතරම් ආදරයෙන් ඇල්මෙන් රැක බලා ගත්තාදැයි කිවහොත් සමහර වනාන්තර ගහ කොළ තහනම් දෑ බවට රජු විසින්ම ප්‍රකාශයට පත් කොට තිබුණු බවට ඉතිහාසයේ එයි.ඒ, ඒවායේ ආරක්ෂාව සදහාමය.1959 පළ කළ " ලංකා ඉතිහාසය'නම් කෘතියේ සදහන් මෙම පාඨය කදිම සාක්ෂියකි."පසුගිය වසර දෙදහසක කාළයක් තුළ වන දිවිය ආරක්ෂා කිරීමෙහි ලා අද්වීතිය ඉතිහාසයක් ලංකාවට ඇත. ක්‍රිස්තුපුර්ව තුන්වැනි සියවසයේ සිට ක්‍රි.ව.18වන සියවස දක්වාම සිහසුන අරාගත් බෞද්ධ වු පාලකයින් වනසතුන් පක්ෂීන් හා මත්ස්‍යයින් ආරක්ෂා කිරීම සිය ආගමික හා රාජකීයමය වගකීම ඉටුකිරීමක් ලෙස සැලකූ බව වංස කථා සය සෙල්ලිපි ගණනාවකම වාර්තා කොට ඇත.දොලොස්වන සියවසේදී අනුරාධපුර අවට ප්‍රදේශ හා සුවිශාල වැව් ද අභය භුමි ලෙස නම් කෙරෙණි.මේ වන දිවි සුරැකීමේ තැන කෙතරම් කාර්යක්ෂම හා යථාර්ථවාදී වුයේ ද යත් යුරෝපීයන්ගේ පැමිණිම දක්වා ම සිරිලක වන හා සත්ත්ව සම්පත විනාශයට ලක් නොවීය "(History of Ceylon,p 27)මේ අනුව ආරක්ෂිත වනාන්තරය අභය භූමිය ආදියේ කිසිදු මිනිස් ක්‍රියාකාරකම් නොසිදු වු බැවින් ඉතිහාසයේ කිසිවක් සදහන් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැගුණ බව පෙනී යා යුතුය .සිංහරාජයද එවැන්නක් නොවී යයි කාට කිව හැකිද?













Sunday 11 January 2009

ලෝක උරමයක් වු සිංහරාජය

සබරගමුව‍ට හෝ ශ්‍රී ලංකාවට හෝ පමණක් නොව සමස්ථ විශ්ව ප්‍රජාව ම ආඩම්බරයක් වන ලෝක උරුමයක් තම භුමිය තුල රැක ගැනීමට තරම් දුර්ලබ වාසනාවක් හිමිසබරගමුව සිය අනන්‍යතා සම්පතක් ලෙස සිංහරාජය සැලකීම විය යුත්තක් සිදුවිය යුතු සේම සිදුවීමකි.ඊට හේතු සාධක අපමණය.එහි යුක්ති සහගත බව පැහැදිලිය.එසේම සිංහරාජය පිළිබද ව විද්‍යත්මකව සෞන්දර්යාත්මකව,ආශ්වාද ජනකව මෙන්ම ප්‍රේමෝන්මාදයන් එමට කතා කොටඇත.ලියා ඇත .පල කොට ඇත.විද්‍යුත් වාර්ථා නිපදවා ඇත.සම්මන්ත්‍රණ වැඩමුළු චාරිකා එමට පවත්වා ඇත.එසේ උවත් සිංහරාජය වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු ඇද්ද?සබරගමුවේ සම්පතක් ලෙස රටට ලොවට දායාද කරන නමුදු නා රදෙකු විසින් රකිනා මැණිකක් තරමට තබා ,උණ හපුලුවෙකු විසින් රකිනා උගේ පැටියෙකු පමණට ඇගයීමක් ,සිංහරාජය වෙනුවෙන් ඉටු කොට අද්දැයි සොයා බැලීමට කාලය කාලය එලඹී ඇත.සිංහරාජය පිළිබද මෙම ඇගයීම ඒ සදහා පෙර හුරුවක් ලෙස සලකමු.සබරගමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ මහා යෝධයෙකු සේ සිංහරාජ කදු වැටිය ප්‍රතාපවත් ලෙස නැගී සිටින්නේ සත් සමුදුරෙන් එහා සිට බටහිරින් එන සියලු ගැහැට කරදර බලපෑම් විනාශයන්ගෙන් සබරගමුව රැක ගන්නා බව නිගඩව කියාපාන්නක් මෙනි.එය නිකම්ම කදු වැටියක් නොවේ කදුවනන්තර අතර වන රාජයකි."ශ්‍රි ලංකාවේ සියලුම වනාන්තර අතර අඩුවෙන් ම මිනිස් පහස ලබා ඇති වනාන්තරය සිංහරාජයයි.ශාක හා සත්තව පරිණාමයේ මුල්අවදිවල පටන්ම නොකඩවා නොඉදුල්ව වැඩුණු මේ වනාන්තරය සිරිලක් මාතාව සිය දු පුතුන‍ට දායාදකලා වු අගනාම දායාද අතුරින් එකකි.(කල්පනා 1987ජනවාරි පි 5)ලක් මාතාව සිය දු පුතුනට අගනාම දෑ දායාද කීරීමට සබරගමුවම තෝරාගත් සැටියක් පෙනෙන්නේ සිංහරාජයට අමතරව අනෙක් පැත්තෙන් නැගෙනහිර මායිමේ සම්බුදු සිරිපා සටහන හිස මුදුනේ තබාගත් සමනළ කදු වැටියද නිසයි.ඒ කදුවැටි දෙක අතර මැද නන් ආකරයේ මැණික් වලින් පිරුණු රත්න ආකරයකි.කදු වැටිවලින් ගලා හැලෙන මනහර දිය ඇලිය.වන ගොමුව නිවහන කොට ගත් අපටම ආවේණික සතා සිව්පාවුන්ය.ගහ කොල පැළෑටිය.ඒ අතර සම්මා සම්බුදු තෙමගුළට පුජෝපහාර සදහාම දෝ මෙහි පමණක් පිපෙන වෙසක් මල්ය.සිංහරාජය යනු මේ සියල්ල අපි වෙනුවෙන් සියලුම ලෝසත වෙනුවෙන් රැක බලා ගන්නා අසම සම ගුණයෙන් හෙබි රැකවලාය,පෝෂකයාය.සිංහරාජයේවිද්‍යාත්මක ආර්ථීක පාරසරික මෙන්ම ජාතික වැදගත්කම නිසි ලෙස අවබෝධ කොට ගැනීමට නම් එහි අන්තර්ගත ගුණාත්මක අගය හෝ ඉතිහාසය හෝ සම්පත්මය අගය හෝ ආදී වශයෙන් එක් පැතිකඩක් පමණක් ගැන දැනුවත්වී පලක් නොමැති බව අවධාරණය කළ යුතුය .එය මේ සියල්ලගෙන් සමන්විත සමස්ථයකි.එය කොටස් කල කල්හි ඒ ඒ කොටස් පමණක් නොව සමස්ථයම විනාශ වී යාම නොවැලැක්විය හැකිය . එක් එක් පැතිකඩ වෙන වෙන ම ගෙන එය අවබෝධ කොට ගැනීමද කල නොහැකිය මෑත කාලයේ සිට මෙහි ඇති ආර්ථීකමය වටිනා සම්පත් රටට ලබා දිය යුතු යයි ඝෝශා කොට පාරවල් කපා යන්ත්‍ර සුත්‍ර යොදවා මුග්ධ පිරිස් විසින් සිංයරාජයට කරන ලද විනාශය ඊට කදිම නිදසුනකි.එයින්ද පාඩම් ඉගෙන නොගෙන දැන් දැන් ‍එය පිටරටුන්ට පැවරීමට දරන උත්සහයත් ඊටත් වඩා බරපතල අපරාධයකි. ඉන්පසු වත්ත බද්ද‍ට දී ඇස්සට දත නියවාගෙන බලා සීටීමට අපට සිදුවනවා නියතය එහෙයින් එවන් මෝඩ ක්‍රියාවන් දේශපාලන ක්‍රීඩා වශයෙන් හෝ ආත්මාර්ථකාමී බඩවඩා ගැනීම් වශයෙන් හෝ මතුවට සිදු නොවීමට නම් සිංහරාජය පිළිබද සියලු පැතිකඩයන් එක පමණින් පෙන්වන දැනුම් සමස්ථ ජනතාව වෙතම ලබාදිය යුතුව ඇත.සිංහරාජය නිවර්තන සදාහරිත වැසි වනන්තරයක් Tropical Evergreen Rain Forest ලෙසින් හදුනා ගැනීමෙන් අද එය ලෝක උරුමයක් ලෙස අද්විතීය වටිනාකමකින් යුක්තයයි පිළිගැනීමට භාජනය වී ඇත."නිවර්තන කලාප"යයි අප විශේෂ කොට හදුන්වන ප්‍රදේශ අනෙක්වායින් වෙන් වන්නේ කෙසේදැයි අවබෝධ කොට ගැනීමෙන් ඒවායේ වටිනා කම ගැන මැන ගැනීමට හැකිවනු ඇත.නිවර්තන ප්‍රදේශයක් අධික වර්ෂාව අධික උෂ්ණත්වය සහ අධික සුර්යාලෝකය නිසා අනෙක් ඒවායින් සුවිශේෂ වේ .මේ සියල්ලම වැසිවනාන්කර පෝෂණයට ඉතා හිතකර සාධක වීමයි. එහි ඇති විශේෂත්වය එවන් වනාන්තරයක දක්නට ලැබෙන් ශාක ,සත්ත්ව වශයෙන් ජීවී ලෝකය අතිශයින් විශාල හෙයින් නිවර්ථන වැසි වනාන්තර ලෝකයේ වැදගත්ම සාරවත්ම පොහොසත්මපරිසර පද්ධති වශයෙන් විශේෂ ආරක්ෂාවට සැළකිල්ලට හා පර්යේෂණයට ලක් වේ.නිවර්තන වර්ෂා වනාන්තර (Tropical Rain Forest)යන නාමය හදුන්වාදීමේ ගෞරවය හිමි ඒ.ඇස්.ඩබ්ලිව්.ස්කිම්පර් නැමැති උද්භිද විද්‍යාඥයාගේ විග්‍රහයට අනුව නිවර්ථන වැසි වනාන්තර වලට අයත් වන්නේ සදාහරිත අවම උස මීටර් 30ක් ගස් ඇති ගස් මුදුන දක්වා ඇදෙන ආරෝහක මෙන්ම අපිශාක විශේෂයන් ගෙන් පොහොසත් වනාන්තරයන්ය.මෙහිදී සදාහරිත ලෙස සැලකෙන්නේ ශීත සෘතුවේදී හෝ‍ කොළ වැටීමක් නැති අවුරුද්ද පුරා කොළ පැහැයෙන් යුක්තව පවතින ගහ කොළ පද්ධතියයි.නිවර්තන වනාන්තර යනු ලෝකයේ විවිධ නම් වලින් හදුන්වන වනාන්තර අතුරින් එක් වනාන්තර වි‍ශේෂයකි.එය නිරක්ෂයට ආසන්නව ඊට දෙපස ඇති සුවිශේෂී
ලක්ෂණ සහිත වනාන්තර විශේෂයයි.සිංහරාජද එවැන්නකි . ලෝකයේ හැමටම එවන් උරුමයන්හිමිව නැති විට අපේ මේ දුර්ලබ සම්පත රැක ගැනීම අප සතු මහා වගකීමක් වනු ඇත.
01)සිංහරාජයේ ආවේණීක බාදුරා
02) සිංහරාජයට ආවේණික නවදගහ03) සිංහරාජයෙහි සත්තව විශේෂ
පක්ෂීන්












ල් වර්ග